Thursday, December 15, 2011




 උඹ ඔය කෙහෙල්මල් ෆැන්ටසියෙන් එලියට ආවේ නැත්තන් මම උඹව කන පිට පෙරලනවා .


හීටිකෙන් ටික හිම වගේ දිය වෙලා යනකොට මගේ වටේ සිද්දවෙන හැමදෙයක්ම මට රිද්දනකොට ඒ හැමදේම තනියම දරාගන්න වෙනකොට මගේ වචන වලට මන් ඇතුලෙම ගොළු වෙන්න සිද්ද වෙනකොට මගේ කදුළු බින්දු ඇස් ඇතුලෙම හිර වෙනකොට කියපන් මට හුස්ම ගන්න හැටි මේ හැමදේම දරාගෙන ???? ජිවත් වෙනහැටි ???? 

තනිවීම කියන්නේ ගොඩක් වෙලාවට ආතල් එකක් උනත්  සමහර වෙලාවට ඒක මාර කට්ටක්.උඹට තේරෙන එකක් නෑ..මාව ගල් වෙලා.මම ඇවිදගෙන යනකොට මම දකින්නේ හුළගට පාවෙලා යන සීනි තවරපු වචන . ගිනි කන මහ පාරේ වැටිලා මිය යන කදුළු කැට.මිනිස්සුන්ගේ කකුල් වලට පෑගෙන සුසුම් පොදි.උඹ මට එපා කියද්දී මම දේදුන්න ලගටම ගියා.. වැහැල ඉවර වෙලා දේදුන්න බැහැල ගියාට පස්සේ කළු සුදු ජිවිතේ දරාගන්න බැරුව මම තාමත් හිස් අහස දිහා බලන් ඉන්නවා.ජිවිතේ තෝර ගන්න බැරුව මේ කොටු තාප්ප කඩාගෙන යන්න බැරුව මම තැවෙනවා බන්..සූස්තියක් ගහල මේ හැම පිඩාවක්ම දිය කරල යවන්න විදියක් නැතුව මම බලන් ඉන්නවා.තාම මාසේ ජොයින්ට් ටික හම්බුනේ නැති නිසා. 

එපා මට සමනල තටු ... දේදුනු හීන... එපා මට මායාකාර වචන... එපා මට  බලන් ඉන්න කියල කියන්න.ගෙවෙන හැම තත්පරයක්ම හරි බරයි.උඹට හිතා ගන්න බැරි තරමට මට මාව නැති වෙලා .. පුංචි කාලේ කාමරේට වෙලා සුදු පාට බිත්ති එක්ක තනියම කතා කරපු මට ටික ටික ඒ බිත්ති දුරස්ත උනා.මගේ ලෝකේ ලොකු උනාද පුංචි උනාද කියල තේරුමක් නැති උනත් එක මහ බරක් බවට පත් උනා.. අදටත් එහෙමයි .. ඔෆිස් එකේ වැඩ අතරේ මම ලියනවා මාව.. මට දැන් දැනෙන දේ... කියන්න එකෙක් වත් නෑ .. 5.30 මෙතනින් එලියට බහිනකොට මාරයා බලන් ඉන්නවා මාව අරන් ගෙදර යන්න .. reply නැති වැඩ කරන්නේ නැති මගේ ෆැන්ටසි එකට මම sms  කොටනවා.මාරයා එක්ක හොදටෝම පොර බදලා මම බාගෙට මැරිලා ගෙදරට යනවා .උඹට කතා කරලා අඩන්න ඕනි උනත් උඹ ෆෝන් එක ගන්නේ නෑ .ඒ උඹ කොහෙට හරි වෙලා හොදට බොන නිසා .. උත්තර එන්නේ නැති මගේ ෆැන්ටසි එකට මම  sms කොටනවා අයෙමත්..නැවත නැවතත් ඒක සිද්ද වෙනවා .හෙමිහිට කුස්සිය පැත්තෙන් එලියට ගිහින් සිගරට් ඒක දෙක ඉවර කරනවා . මම දුම් අතරේ හැන්ගෙනකොට මගේ බලු තඩියා ඈතට වෙලා මට තනි රකිනවා ..දුම දරාගන්න බැරිව හොම්බ අත් දෙකින් කස කසා මගේ දිහා බලන් ඉන්නවා හරියට '' මේ දුම් කෝච්චිය ඉවර වෙන්නේ කීයටද?'' කියලා අහන්න වගේ. අයෙමත් කාමරේට යනවා .ද යට තාමත් ඉතුරු වෙලා තියන beer  එකක් කඩලා හෙමින් බයිට් නැතුවම බොනවා .ඒ අතරේ ෆැන්ටසිය ඇතුලේ හිර වෙලා පිච්චෙන්න ගන්නවා තනිකමින්.මම බලන් ඉන්නවා විනාඩියෙන් විනාඩිය කාලය ගෙවිල යනකල්. හෙට වෙනකල් .. මගේ හීනේ මගේ ලගට එනකල් ..ඒ අතරේ ෆෝන් ඒක කෙදිරි ගානවා ..හීනේ sms කරලා සීනි තවරපු  වචන ගොඩකුත් එක්ක .. එකත් තුරුළු කරගෙන මම නින්දට යනවා බබෙක් වගේ ..
 
උඹ ඔය කෙහෙල්මල් ෆැන්ටසියෙන් එලියට ආවේ නැත්තන් මම උඹව කන පිට පෙරලනවා .හැමදාම මගේ හිත මට එහෙම කියනවා .අනේ මාව මේ හීනෙන් ඇහැරවන්න එපා .මම මගේ හිතට උත්තර දෙනවා .