උදේ පාන්දර ගෙදරින් එලියට බැහැල ඔෆිස් එකට එන්න අවේ අද දවස
ඇතුලේ බලන් ඉන්න හේතුවක් තිබුන නිසා .මේ ලියන මොහොතේත් මම බලන් ඉන්නවා. බස්
එකෙන් වෙනද බහින හෝල්ට් එක ලගට එනකල් මම හිටියේ විකාර ලෝකෙක හිර වෙලා .හැම
තැනම දුවපු හිත අමාරුවෙන් අල්ලගෙන මම සීට් එකෙන් නැගිටලා බස් එකේ දොර ලගට
අවා.බහින්න තවත් දෙතුන් දෙනෙක්ම හිටිය. මගේ ලග මුස්ලිම් girl කෙනෙක්
හිටියේ. එයාගේ පිටිපස්ස විතරයි මම දැක්කේ. එක පාරට එයා මගේ පැත්ත හැරිලා
ඉස්සරහ බැලුව .මම ගල් උනා. තද කළු පාට ඇස්, ලා රෝස පාට lipstic ගාල තිබුන
තොල් .. දිග නහය ..සුදු කම්මුල්.. එයා ඇදන් හිටියේ සුදු පාට පන්ජාබ්
කලිසමක් ලා නිල් පාට කුර්තා එකක් ..සුදු පාට ෆර්දාව.. මගේ ඇස් එයාගේ ලග හිර
වෙලා තියනකොට බස් එක බහින තැන නතර කරන්නේ නැතුව තවත් හෝල්ට් එකක් ඉස්සරහට
යනකොට බහින්න හිටපු හැමෝම කේන්තියෙන් බනින්න ගන්නකොට ඒ මෙලෝ මලදානයක් මට
ඇහුනේ නැ.එයත් එක්කම මම බස් එකෙන් බැස්සා. කොන්දොස්තර දිහාට හැරිලා කැඩුණු
සිංහලෙන් බනිනකොට මම නිහඩව එයාගේ හෙලවෙන රෝස පාට තොල් දිහා බලන් හිටිය.එයා
ඇවිදන් ගියා මගේ ඉස්සරහින් .මමත් එයාගේ සුවද පාර දිගේ ඇවිදන් ගියා..කහ ඉර
පැන්නා එයා පනිනකොට .මගේ උදේට කෑම ගන්න කඩේ එයා පහු කරනකොටම පට්ට බඩගින්නේ
හිටපු මම කෑම ගන්නේ නැතුවම එයාගේ පස්සෙන් ඇවිදන් ගියා . පාට පාට කොටු කෑලි
වලින් වැහිලා තිබුණු හීන් පටි සෙරෙප්පු දෙක එයාගේ සුදුම සුදු පාට කකුල්
දෙකට හොදටම ගැලපුනා. එයා මගේ ඔෆිස් එක තියන පාරට හැරුනා.මමත් හැරුනා.එයාගේ
සුවද විලවුන් වලින් සුවද පාරක් හැදුනා.මම ඇවිදන් ගියේ ඒ පාරෙන්.එකම එක
පාරක් වත් පිටිපස්ස හැරෙන්නේ නැතුවම එයා මගේ ඔෆිස් එක පහු කරන ගියා ..
එයාගේ සුවද පුරෝගෙන මම ඔෆිස් එකට අවා .එයත් එක්ක ඇවිදන් ආපු ඒ වෙලාවේ මගේ
දුවන හිත තිබුනේ එයා ලග .නිතරම මගේ හිතේ කොනක එල්ලිලා මට වද දෙන මගේ පාට
සමනලයා ඒ වෙලාවේ කොහාටද පියබල ගිහින් තිබුනේ .එහෙම නැත්තන් මට ඌව දැනුනේ
නැ..
