එකින් එක ගැලවිලා වැටුණු
හිනා මල් පෙති මත
බර සුසුම් විත්
හැපුණා තදින්
වෙරළ අද්දරට ගිහින්
හිටන් උන්නා
රැල්ල වැදෙන තුරු පතුලේ
බලන් උන්නා ...
අවේ නෑ
මම උන්නේ මහා කළු
ගලක් උඩ නිසා
මම මලක් ලු
සුවදයිලු
කිව්වා බඩගිනි බබරෙක්
ඇවිත් බලපන් සුවද ..
ඌට සුවද බලන්න පුරුදු නැතිලු
මල කඩලා අතට ගන්නේ නැතුව
හිනා මල් පෙති මත
බර සුසුම් විත්
හැපුණා තදින්
වෙරළ අද්දරට ගිහින්
හිටන් උන්නා
රැල්ල වැදෙන තුරු පතුලේ
බලන් උන්නා ...
අවේ නෑ
මම උන්නේ මහා කළු
ගලක් උඩ නිසා
මම මලක් ලු
සුවදයිලු
කිව්වා බඩගිනි බබරෙක්
ඇවිත් බලපන් සුවද ..
ඌට සුවද බලන්න පුරුදු නැතිලු
මල කඩලා අතට ගන්නේ නැතුව
ඇවිදිනකොට ජිවිතේ හොයාගෙන
හිරු ඇවිත් ගිනි තැබුවා පොළොවට
හැන්දෑව හංගගත්තා
හෙන්දිරික්කා මල් පොකුර
මායාකාර තරු පොකුරු වට කරගත්ත හද පළුව
හිරු ඇවිත් ගිනි තැබුවා පොළොවට
හැන්දෑව හංගගත්තා
හෙන්දිරික්කා මල් පොකුර
මායාකාර තරු පොකුරු වට කරගත්ත හද පළුව
හෙන්දිරික්කා මල් කඩලා
හැන්දෑවට වෙඩි තියල
හිරු අරන් මූදේ ගිල්ලවන්න
හිතනවා මම
තාමත් ඉදගෙන
බස් නැති පාළු පාරක
තේරුමක් නැති
බස් හෝල්ට් එකක
