
දුම් දාන කෝපි කෝප්පය , හිස් වෙච්චි කොළ ගොන්න දිහා ඔහු බලන් හිටියේ කිසිම තේරුමක් නැතුව.දකුණතේ ඇගිලි අතරේ හිර වෙලා තිබුණු කාබන් පෑන ටක් ටක් ටක් හඩින් මේසයේ දාරය මතට සෑම තප්පරේකටම වරක් වැදුනා.කෝපි කෝප්පය තවමත් දුම් රටා මැව්වා.ඔහු බලන් උන්නා.කාබන් පෑන මේසේ දාරේ වැදුනා. ටක්.... ටක් ...ටක් .... . මෙය නැවත නැවතත් සිද්ධ උනා.............. තෙල් කුබියෙක් හිස් කොලේ මැද්දටම ඇවිදන් ආවා.නතර උනා ..වටයක් ගියා.අයෙමත් නතර උනා.මෙලෝ රහක් නැති හිස් කොලේ මැද්දට වෙලා තෙල් කුබියා බලන් උන්නා..ඔහුත් බලන් උන්නා..ඇස් දෙක ඉලක්ක වෙලා තිබුනේ හිස් කොලේ මැද්දට උනත් ඔහු හිටියේ කිසිම දෙයක් බලමින් නෙමේ කියල නම් කියන්න පුළුවන්. ඔහු හිටියේ කළුවර රවුමක් ඇතුලේ තිබුණු පුංචිම පුංචි සුදු පාට තිතක් ලග නතර වෙලා. ඕනි වෙලා තිබුනේ ඒ පුංචිම පුංචි සුදු පාට තිත ලගට ලං වෙන්න . එත් මිනිහ බය උනේ ඒ තිතට ලං උනොත් ඒ සුදු පාට කළුවර ඇතුලේ විසිරිලා යයිද කියල.. '' අනේ මට බෑ සම්පූර්ණ සුදු පාට ලෝකයක් ඇතුලේ තනි වෙන්න..හැංගෙන්න කලුවරක් ඕනි ..කාට බයේද හැඟෙන්නේ???? මන් හැන්ගෙන්නේ මට බයේ..'' ඔහු දකුණතේ හිරවෙලා තිබුණු කාබන් පෑන සුදු කොළ ගොන්න මතට දමල ගැහුවා. තෙල් කුබිය දුවල යන්න ගියා ...
'' ඔය කෝපි එකත් නිවල විසික් කරන්න ඉතින්'' ඇය එහෙම කිව්වේ කේන්තියෙන් නෙමෙයි.
දිග සුසුමක් එක්ක කෝපි එක අතට ගත්ත ඔහු ඉදන් හිටපු පුටුවෙන් නැගිටලා ඇය වෙතට ගියා. ඇය උන්නේ කන්නාඩි අල්මාරිය ලග හිටගෙන. එක හුස්මට කෝපි එක උගුරට හලා ගෙන හිස් කෝප්පය ඇය අතට දුන්නා. අපිළිවෙලට වැවිල තිබුණු රවුල් ගස් අතින් පිරිමදපු ඔහු කණ්ණාඩියට මුණ ඔබල ඇස් වල පිරිලා තිබුණු කබ ගැට කඩලා ඇස් තදින් පියාගත්තා..අයෙත් ඇස් ඇරියා..
''කළුවර සහ එලිය'' ඔහු මිමිනුවා.
හිස් කෝපි කෝප්පයත් එක්ක ඇය තාමත් බලන් උන්නා එකම එක උණුසුම් හාදුවක් , අඩුම තරමේ හිනාවක් ...
හයියෙන් අලසකමින් මහා බලි ඈනුමක් යැව්ව ඔහු ඇයව පහු කරලා ආයෙමත් සුපුරුදු පුටුවෙන් ඉදගත්තා. කාබන් පෑන දකුණු අතේ හිර උනා.හිස් කොළ ගොන්න ඔහු දිහා බලන් උන්නා අකුරක පිපාසයෙන්.. කාබන් පෑන ආයෙමත් මේසේ දාරේ මතට වැදෙන්නට උනා ටක්.... ටක් ...ටක් .... හඩින්..
ඇය හෙලපු දිග සුසුම නොඇසෙන තරමට ඔහු හිටියේ කළුවර පසුබිමේ සුදු පාට තිත ලග නතර වෙලා. තෙල් කුබියා උන්නේ මේසේ පැත්තක තිබුණු මහා පොත් කන්ද පාමුල තනි වෙලා.
කෝප්පයේ අඩියේ ඉතිරි වෙලා තිබුණු කෝපි මන්ඩි ටික දිහා ඇය බලන් උන්නේ රටාවක් හොයාගන්න.. සැහෙන්න වෙලාවක් කුස්සියේ දොර ලගට වෙලා කෝපි මන්ඩි අතරින් අතීතයේ ඉම් අතර ඇවිදපු ඇය පැටලුනු සිතුවිලි ගොඩක් එක්ක ආයෙමත් හිටපු තැනට අවා.
''එයා ලියන්න පටන් ගෙන ඇති. තව කෝපි එකක් ඕනි වෙලත් ඇති '' ඇය හිතුවා එහෙම.. වතුර එකක් ලිපේ තියල ආයෙමත් කාමරේ ඇතුලට ගියා.. ඔහුට ඇහුන බවක් පෙනුනේ නැ. ''ලියන්න පටන් අරන් ඇති''
ඇය හෙමින් තව තවත් ඔහු ලගට ආවා.ඔහුගේ දකුණතේ හිර වෙලා තිබුණු කාබන් පෑන මේසේ දාරේ මතට ටක් ටක් ටක් සද්දෙට වැදුනා. ඇය ඔහු පිටුපසින් මේසේට එබිලා බැලුවා.. සුදු පාට හිස් කොළ ගොන්න ඇයට විරිත්තුවා. '' තාම එක අකුරක්වත් ලියල නැ '' ඇය තමන්ට කියාගත්තා. ඇයගේ සුසුම් ඔහුට නොදැනෙන්න හේතුවක් නැ.. එත් ඔහු උන්නේ කොහේදෝ අතරමංව මුල පිරුමක් හොයා ගන්න..
ඔහුගේ පිටුපසින් හිටන් උන්නු ඇය ඔහුගේ අපිළිවෙලට වැවිල තිබුණු කොන්ඩේ අතර ඇගිලි තුඩු යැව්ව..ඔහු ඔලුව ඉස්සුවේ නැ.. ඇය තව තවත් තදින් ඇගිලි තුඩු කොන්ඩේ පුරා යැව්වා. පහත වෙලා හිස් මුදුන සිප ගත්තා.. ඔහු හයියෙන් හුස්ම ගත්තා ඇයට දැනුනා. ඇය තව තවත් ලං වෙලා ඔහුගේ ගෙල බදාගෙන හිස සිපගත්තා.. ඔහු උගුර පෑදුවා.
'' ඔයාට කම්මැලි නම් නිලුකගේ ගෙදර යන්න .''
ක්ෂණයෙන් ඇය අඩියක් පිටිපස්සට ගියා.. එහෙමත් නැත්තන් විසික් උනා.නිහඩව බලන් උන්නා.
ඔහුට ඇහුනේ කාමරේ දොර දඩස් ගාල වැහෙන සද්දේ විතරමයි. වමතේ මාපඩඇගිල්ලේ නියපොත්තෙන් ඔහු මේසය කොනේ එකක් මත එකක් වන්නට තබා තිබු පොත් ගොඩ කරස් හඩින් හීරුවා . කිසිම තේරුමක් නැතුව ඔහු එය ආයෙමත් කරා .
තෙල් කූබියා හිටියේ මහා පොත් කන්ද තරණය කරමින් .තෙල් කූබියට කිසිම අරමුණක් තිබුනේ නෑ. ඔහු උත්සහා කරමින් හිටියේ ජිවත් වන්නට පොලබවන යමක් හොයාගන්න . එය කුමක් විය යුතු දැයි යන්න පිළිබදවත් ඌට කිසිම තේරුමක් තිබුනේ නෑ .. ඌ කලේ හෙමින් පොත් කන්ද තරණය කරපු එක .
ඇය දොරට තට්ටු කරා . කිසිම සද්දයක් ඇතුලින් ආවේ නෑ . ආයෙමත් තට්ටු කරා කලින්ට වඩා සද්දෙට . පුටුවක් පිටුපසට ඇදෙන සද්දෙත් එක්කම කම්මැලිකමින් සෙරෙප්පු දෙකක් බිම දිගේ ඕනිවට එපාවට ඇදුනා . අවසානේ දොර අරුනා . රතු පාට ඇස් දෙකක් , දිගු නැහැයක්, සිහින් තොල් සගල මත පිළිවෙලට කපා තබා තිබු රැවුලක් සමග යාන්තම් හිනාවක් ඇදුනු රවුම් මුණක් අරුණු දොරින් එලියට දික් උනා .
''ඔයා.....????????? ''
ඇය ඇරයුමක් වෙනුවන් බලා නොසිටම ගේ ඇතුලට ඇතුල් උනා.
'' ඔව් මම තමයි ......''
දොර වැහුනා
ඇය සාලේ තිබුණු සුදු පාට පුටුවේ ඉදගත්තා . ඇය හිටියේ වේගෙන් හුස්ම හෙලමින්
''ඇයි '' ඔහු තම කට හඩ ඕනිවට වඩා ලයාන්විත කරලා හෙමින් එලියට දැම්මා.
ඇය ඉකි බින්දා .. ඒ අතර වචන එකින් එක එකතු කරා
'' ලියන්නා මාව පිස්සු වට්ටවනවා . එයා එක දන්නවා හොදටෝම . මම පාවෙන්න පටන් ගන්නකොටම හිතක් පපුවක් නැති මිනිහෙක් වගේ මාව කකුල් දෙකින් ඇදල බිමට දානවා ..එත් එය මට ආදරෙයි.ඔව් මමත් ආදරෙයි ..මට ඉවසීමක් නෑ ''
ඔහු හිනා උනා ..ඇය ඉකි බිදීම නතර කරා ..ඔහුගේ හිනාව ඇයව කුපිත කරා .ඔහුට එක තේරෙනකොටම ඇය වචන ගොන්නකින් එක පාරට ඔහුට දමල ගැහුවා රිදෙන්න .
'' තේරුමක් නැති හිනාවට වඩා තේරුමක් තියන හිනාව මාව රිද්දනවා කියල ඔයා දන්නවා නේ .දවස ගානේ ඔයාගේ ගෙට රිංගන පාට පාට කටුස්සියෝ ගානට මාව දාන්න හදන්න එපා .. මම දන්නවා ඔය පැණි එකතු කරන මිනිහෙක් කියල . මම ආවේ දරාගන්න බැරි තරම් පිරෙන කොට ඉතිරිලා යනකොට එකෙන් නිදහස් වෙන්න . ''
ඔහු එක වචනයක් වත් නොකිය බලන් උන්නා .. එත් ඒ නිහැඩියාව අතරේ ඔහු හිටියේ වචන එකතු කරමින් ඇයට කියන්නට .
'' මම ලියන්නාට ආදරෙයි .එයත් මට ආදරෙයි . එත් එයා කතාවක් පටන් ගන්න අරගන කාලේ ටිකෙන් ටික දික් වෙනකොට මට බලන් ඉන්න තරම් ඉවසීමක් නෑ.අවරුදු 5 කට කලින් උනා වගේම අද වෙනකල් ලියන්නාට මම පිස්සු වැටිලා .එයාට තරම් ලස්සනට කවි ලියන්න කාටවත්ම බෑ..ඔව් කාටවත්ම බෑ ..''
ඔහුට ඇගේ මේ කතාව අමුත්තක් උනේ නෑ .ගොඩක් දවස් වල නැත්තන් කාල වල මේ කතාව මේ විදියටම නැති උනත් වෙනත් විදියකට ඇගේ කටින් පිට උනා . ඔහු ඇයට ලං උනා .
'' මට වචන වලින් දමල ගහන්න එපා . මම හැමදාම මෙතන මේ විදියටම ඉන්නේ කෙනෙක් .ඔයාට පුළුවන් හිතෙන හැම වෙලේම ඇවිත් යන්න . ''
ඇය ඔහුට බදා කළා .
'' ලගට එන්න .. මාව තුරුල් කර ගන්න ..''
---------------------------------------------------------------------------------------------------------------------------------
දකුණතේ හිර වෙලා තිබුණු පෑන මේසේ දාරයේ ටක් ටක් හඩින් වැදුනා .සුදු ලෝකේ ඒ විදියටම බලන් උන්නා .. කළු පාට පසුබිමේ සුදු පාට තිත ඔහුගේ රතු පාට ඇහැ ලග නිශ්චලව උන්නා .. තෙල් කූබියා සිමොන් ද බෝවගේ බ්ලඩ් ඔෆ් අදර්ස් පොත අතර ගිමන් හැරියා.
ඔහු හුස්ම ගත්තා පපුව පිරෙන්න .. අයෙමත් දිග හුස්මක් හෙළුව .. මේ සුසුම යන්නේ කොහාටද ????ඔහු හිතන්නට උනා .. ලේ රතු පාට මලක් මත තැවරිලා නිල මැස්සෝ සූ ගාන කුණු කානුවක් හරහා ගිහින් තෙල් බේරෙන ගැටිස්සියෙක්ගේ ළමැදේ අතරින් රිංගල පාටක් නැති හුලග අස්සේ ...................
මම මොනවද ලියන්නේ ...මොකාද කියවන්නේ ..... කාටද ලියන්නේ ... මම ලියන්නේ මටද ????????
තෙල් කූබියා හිටියේ මුදුනට ලං වෙලා .. මහන්සියක් දැනුනත් නතර වෙන්න හිතක් තුබුණේ නෑ. ඌ හිතේ හයියට ආයෙමත් ඉස්සරහට අඩිය තිබ්බා...
ඇය ඔහු ලව්වා සායේ පිටුපස බොත්තන් පියව ගත්ත .. ඔහු පිටුපසින් දෙඅත් යවල ඇගේ බද තදින් බදා ගත්තා..
'' මට පරක්කු වෙනවා .. එයා බලන් ඇති උණු කෝපි එකක් බොන්න .. රැට කෑමට මුකුත් හදන්න වෙයි .උණුවෙන් බඩ පිරෙන්න කෑවොත් එයාගේ ඇගට ලේ ටිකක් උනයි .හිස් බඩ කොහොමද ලියන්න හිතෙන්නේ ???'' ඇය කිව්වේ ඔහුව මග හැරලා දොර ලගට යන ගමන් ..
''ආයෙත් එන්න .....'' ඔහු කිව්වා
'' එයා ඉක්මනට කතාවක් හොයා ගනීවි '' ඇය දොරත් වහගෙනම එලියට බැස්සා..
-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------
අවසානේ මහත් වැයමකට පස්සේ තෙල් කූබියා මහා පොත් කන්ද තරණය කළා .නිදහස් ලොකු ඉඩක් මැද්දේ ඌ හිටන් හිටියා . කිසිම දෙයක් තිබුනේ නෑ . තෙල් කූබියා වට පිට බැලුව .. වටයක් කැරකුණ ... ඌ හිටියේ දරගන්නවත් බැරි තරම් උසක පහතින් පේන ලොකු දේවල් දිහා බලමින් ..උගේ කුඩා බව මහා පොත් කන්ද මතදී තේරුමක් නැතුව ගියා .
ඇය ආවා ..හෙමින් කාමරේ දොර ලග ඉදන් ඔහු දිහා බැලුවා .. ඔහුට දැනුනේ නෑ . ඇය ලං උනා . කළු පාට පසුබිමේ සුදු පාට තිත ගිලුනා .ඔහු ඇස් පිය හෙලුවා .අන්තිමේදී හැමදේම කළු පාටයි .. හැම පාටක්ම කළු පාට ඇතුලේ ගිලිලා තියෙන්නේ .ඔහු මිමිණුවා ..හිස සැලුවා . හැම එකාගෙම සුසුම් හුලග එක්ක එකතු වෙලා ..හැම එකාම හුස්ම ගන්නේ එක එකාගේ සුසුම් ..හරිම සරලයි ..අපි එකිනෙකාට බැදිලා .කව්රු මොනවා කිව්වත් වෙන් වෙන්න හැදුවත් අපි නන්නදුනනයෝ නෙමේ ..
පෑන මේසේ දාරේ මතට වැඩෙන කාබන් පැනෙ ටක් ටක් සද්දේ නතර උනා .. ඇය බලන් උන්නා ..ඔහු නිල් පාට ඇද අකුරින් සුදු පාට හිස් කොළ ගොන්නේ මුල්ම පිටුව මත තදින් ලොකු තිතක් තිබ්බා . එතනින් හෙමිහිට වචන එකින් එක ලියවෙන්නට උනා .. ඇය බලන් උන්නේ නොසැසෙන ප්‍රීතියෙන්..
''එයා කතාවක් පටන් ගෙන ...''
ඔහු ලිව්වා ..
''උඹයි මමයි නන්නදුනනයෝ නෙමෙයි .. අපි හුස්ම ගන්නේ එකිනෙකාගේ සුසුම් .. ''
පොත් කන්ද උඩ වාඩි වෙලා හිටපු තෙල් කූබියා අයෙමත් පහතට බහින්න තීරණය කළා .. මේ මොහොතේ ජිවත් වෙන්න හේතුවක් ඌ හොයන් තිබුනා ..
නිමි ...
මේ මොහොතේ ජිවත් වෙන්න හේතුවක් ඌ හොයන් තිබුනා ..
ReplyDeleteකථාවේ ඔක්කොම තියෙන්නේ මෙතනද කොහෙද?
ඔව් අපි අපේ සුසුම් වඳිනවා එකිනෙකට ගැලපුනේ නැතත් අපි ඒ මොහොතේ ජිවත් වෙනවා. ජිවත් වෙන්න මොහොතක් ඇති එත් එත් එතනින් පස්සේ තියෙන හිස් බවට මොකක්ද කරන්නේ? හැම මොහොතම ජිවත් කරවන්නේ නැහැ බන් අන්න එකයි මෙච්චර රිදෙන්නේ
ReplyDeleteමචං, ඇත්තටම මේ කතාවෙ මට අල්ලලාම ගියේ තෙල් කූඹියගේ ඈංගල් එක. මොකද මම ජීවත් වෙන්නෙත් තෙල් කූඹිත් එක්ක නිසා. උන්ගෙ ජීවිත කොච්චර සරලද? ඉරිසියත් හිතෙනව බං එතකොට නම්
ReplyDelete//''උඹයි මමයි නන්නදුනනයෝ නෙමෙයි .. අපි හුස්ම ගන්නේ එකිනෙකාගේ සුසුම් .. ''\\
ReplyDeleteහැම කෙනාටම නැති වුනත් බොහෝ අයට මෙහෙමයි..
උඹේ ලිවිල්ලෙ පැහැදිලි වෙනසක් :) හිරණ්‍යගෙ ලියවිල්ලක් කියෙව්ව වගේ...
ReplyDeleteසුපිරි විදිහට ලියල තියෙනව... මම හිතන්නෙ උඹ බලාපොරොත්තුවෙන් හිටපු ෆීනික්ස් කුරුල්ල ඇවිත් කියල :)
සාතන් කාලෙකින් උඹ කාලෙකින් මේ පැත්තේ . ලියන විදිය වෙනස් කලේ හිතල නෙමේ බන්. එක ඉබේම සිද්ද උනා .ඒ කතාව දිග නිසා සරලව කිව්වොත් '' හැම එකාම එකම විදියට ලියන්න පටන් ගන්නකොට මගේ විදිය වෙනස් උනා''.හැම එකාම එකම දේ කරනකොට එක සිල්ලර වෙනවා. දැනටමත් ගොඩක් ලියවිලි වලට උන් විසින්ම් කෙලවගෙන.
Deleteහ්ම්ම්ම්ම්..
ReplyDelete//උඹයි මමයි නාඳුනන්නෝ නොවෙයි....//
ReplyDeleteහ්ම් හුඟ දෙනෙකුට මෙහෙම දැනෙනවා ඇති.
සිරාය
ReplyDeleteලියන්නට ලියන්න කරුණු දෙන්න ඇයට පුළුවන්. මට තේරෙන්නෙ නැහැ ඇයි ලියන්නා ගෑනියෙක්ට හිර වෙලා අදහස් එලියට දාගන්න බැරිව දැගලුවෙ කියලා..
ReplyDelete"දකින්න තියෙන දේ දකින්න ඇස් පිල්ලම් බාධාවක් නෙවෙනව නම් හොදයි" මේක සෑම්ගෙ චින්තනය.